හෙරොයින් සමඟ රත්මලාන අංජුගේ ගෝලයින් දෙදෙනකු දැලේ


(ඉන්දිකා රාමනායක)

රුපියල් ලක්ෂ  8 ට ආසන්න හොරොයින් මත්කුඩු තොගයක් සමග රත්මලාන අංජු නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් අද  (6)  පස්වරුවේ රත්මලාන  කල්දෙමුල්ල හංදියේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ  කාර්ය බලකාය කියයි.

සැකකරුවන් දෙදෙනා මෙම මත්කුඩු තොගය  ති‍්‍රරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී විශේෂ කාර්ය බලකායේ රාජගිරිය  කඳවුරේ බුද්ධි  නිලධාරීන් කණ්ඩායමක්  විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන්  සතුව  හෙරොයින් ග‍්‍රෑම් 98 ක ප‍්‍රමාණයක්   තිබී ඇත.

මේවා රත්මලාන අංජු නැමැති මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුට අයත් හෙරොයින් බවද පැවසේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  රත්මලාන දුම්රිය  හි පදිංචි   දුමින්ද කුමාර (33)  සහ ඇල්පිටිය ඇත්කදුර පදිංචි  එරංග හර්ෂ (26) නැමැති සැකකරුවන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

 සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා ගල්කිස්ස පොලිසියට  බාර දී ඇත.