හෙරොයින් සමග පාකිස්තාන යුවළ කොටුවෙයි


(ප්‍රසාද් මුතුකුඩ)

බ්‍රව්‍රන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3කට ආසන්න  ප්‍රමාණයක් ලාහෝර්  සිට රැගෙන ආ පකිස්තාන ජාතික  යුවළක් අද(1) අත්අඩංගුවට  ගනු ලැබු බව  ගුවන්තොටුපොළ  පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය  පවසයි.

අත්ඩංගුවට ගන්නා ලද හෙරොයින් ප්‍රමාණයේ  වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි තුනකට වඩා වැඩි  බවත් පොලිසිය කියයි.