හෙරොයින් සමග උගන්ඩාවේ කතක් සැකපිට


(ටී.කේ.ජී.කපිල සහ ප්‍රසාද් මුතුකුඩ)

රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ බව කියන 43 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක කටුනායක ගුවන් තොටුපොළේ දී අද (08) අත්අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ධර්මසේන කහදව මහතා පැවසීය

සැකකාර කාන්තාව උගන්ඩාවේ සිට ඩුබායි හරහා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් 547 දරන යානයෙන් පැමිණ තිබිණි.

ඈ රැගෙන ආ අත් බෑගයේ තිබූ මුදල් පසුම්බියක මෙම හෙරොයින් ග්‍රෑම් 505ක ප්‍රමාණය සඟවා තිබීයදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබිණි.

(ඡායාරූප-ප්‍රසාද් මුතුකුඩ)