හෙරොයින් විකුණන්න ගිහින් දිවි ඇති තෙක් හිරේට


මනෝප‍්‍රිය ගුණසේකර
 
හෙරොයින් ග්රූම් දෙකක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු තොටළඟ ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද  ජීවිතාන්තය දක්වා   බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

 
මීට වසර 05 කට පෙර කොළඹ සේදවත්ත ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 2.39 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට වු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලද්දේ තොටළඟ ප‍්‍රදේශයේ පදිංචි සිරිල් නානායක්කාර නමැත්තෙකුටය.
 
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කොළඹ සේදවත්ත ප‍්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ජාවාරම් කරමින් සිටි විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති බව නඩු විභාගයේදී හෙළි විය.