හෙරොයින් රැගෙන උසාවියට යන්න ආ සැකකරු රිමාන්ඩ්


ඉන්දිකා  රාමනායක
 
රුපියල් ලක්ෂයකට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක්    කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන  යාමට උත්සහය කිරීමේදී  පොලිස් අත්අඩංගුවට පත්ව  දින 7 ක රැ`දවුම් නියෝග මත සිටි  සැකකරු මෙම මස 23 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස  මාලිගාකන්ද අතිරේක  මහේස්ත‍්‍රාත්   අරුණි ආටිගල මහත්මිය  නියෝග කළාය.
 

මෙලෙස රිමාන්ඩ්  කරනු ලැබුවේ    පෑලියගොඩ පෑලියගොඩ පදිංචි අසංක පුෂ්පකුමාර නැමැත්තෙකි.
 
මෙම සැකකරු පසුගිය පළමු  වැනි දා  ග‍්‍රෑම් 10 යි  මිලිග‍්‍රෑම් 500 ක   ප‍්‍රමාණයක හෙරොයින්   ගුලියක්  ආකාරයෙන් සකස්කර  ශරීරයේ ස`ගවාගෙන  කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය තුළට ඇතුළු වීමට උත්සහ කළ අවස්ථාවේ   ඒ අවට රාජකාරියේ නිරත  කෙසෙල්වත්ත පොලිසියේ   කණ්ඩායමක් සැකකරු පරීක්ෂා කර කර තිබිණි.
 
කෙසෙල්වත්ත පොලිසියේ කොස්තාපල්  (67946) සුරංග මහතා අද (8)  සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්    කරුණු දක්වා කියා සිටියේ   කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට  වෙත රැගෙන ආ  සිරකරුවන්  වෙත මෙම මත්කුඩු  මත්කුඩු ලබා දීමට   පැමිණි  අවස්ථාවේ  සැකකරු අත්අඩංගුවට පත් වු බවයි.