
(විජේරත්න රත්නායක)
නීති විරෝධී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට සැකකෙරෙන පුද්ගලයෙක් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 787 ක්ද සමඟ විසින් අද (08) බදුල්ල පස්සර මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුල්ල ග්ලැනල්පින් වත්ත හිඟුරුගමුව කොටසේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිපධාරීන් විසින් සිදුකළ හදිසි වැටලීමකදී බදුල්ල පස්සර පාර ජයගම හන්දියේ බස් නැවතුම්පල අසල සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු කොළඹ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වා දුරකතන පණිවිඩ මඟින් ගැණුම්කරුවන් හමුවී මත්ද්‍රව්‍ය අලෙවි කරන අයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයටද ඇබ්බැහි වූ අයෙකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර බදුල්ල පොලිසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

