හෙරොයින් පැකට් කරමින් සිටි 5ක් අත්අඩංගුවට


මහරගම වීර මාවතේ නිවසක් තුළ හෙරොයින් පැකට් කරමින් සිටි එකම පවුලේ මව,පියා,දියණිය ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගත් පොලීසිය කියයි.

මහරගම පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු  තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකරුවන් මත් කුඩු පැකට් කිරීමෙන් අනතුරුව ගල්කිස්ස බඩෝවිට ප‍්‍රදේහයේ පුද්ගලයෙකුට ලබා දෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස බඩෝවිට ප‍්‍රදේහයේම පදිංචි එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්දෙගලයින් දෙදෙනකු  බවත් මෙම සැකකරුවන් වයස අවුරුදු 55, 49,  32,  22 සහ 20 වයස්වල අය වන බවද පොලිසිය පවසයි

(36698)