හෙරොයින් තොගයක් සමඟ පියා සහ දියණිය අත්අඩංගුවට


බිමල් ශ්‍යාමන්  ජයසිංහ
 
විවෘත වරෙන්තු හතක් ලබා ඇති පුද්ගලයකු හා ඔහුගේ 16 හැවිරිදි දියණිය රුපියල් කෝටි හතරකට ආසන්න හෙරොයින් මත්කුඩු හා රන් භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.

 
එම සැකකරුවන් සමඟ හෙරොයින් මත්කුඩු කිලෝ 2ක් , ග්‍රෑම් 465 බරින් යුත් රන් මාල , මුදු , අත් පලදනා තොගයක් සහ මත්කුඩු ප්‍රවාහණයට යොදා ගත් මෝටර් රථයක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.