
(ටෝනි කරුණානායක)
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් දින 7 ක් වේයන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කරන ලද බන්ධනාගාර නියාමක ඇතුළු සැකකරුවන් සිවුදෙනා ලබන 17 දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (03) නියම කළේය.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13 ක් වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, සැකකරුවන්ගේ ප්‍රකාශ මත හෙරොයින් ජාවාරම් කිරීමේ නිරත තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.
සැකකරුවන් ට අයත් බැංකු ගිණුම්වල විස්තරාත්මක වාර්තාවක් වේයන්ගොඩ පොලිසියට ලබා දෙන ලෙස බැංකු කළමණාකරුවන්ට අධිකරණය මගින් නියම කළේය.
සැකකරුවන්ට අයත් ජංගම දුරකතන විශ්ලේෂණ පරීක්ෂා කර වැඩිදුර පරීක්ෂණ කරන බව වේයන්ගොඩ පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

