
( දිල්රුක්ෂි ග්‍රේරු)
හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයෙකු සමඟ සබඳතා පවත්වමින් හෙරොයින් ජාවාරම සිදු කළ බව කියන මහර බන්ධනාගාර නියාමකවරයෙක්, ගුවන් හමුදා මූලස්ථානයේ සිවිල් කාර්ය මණ්ඩල සේවකයෙක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනකු හෙරොයින් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ අද (26) අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් ග්‍රෑම් 15 , යතුරුපැදි 03 , රුපියල් 50,000 වැඩි මුදල් සහිත බැංකුපොත් 15 , ඒ ටී එම් කාඩ් පත් 13 , ජංගම දුරකතන, විදුලි තරාදියක් ඇතුළු දේපොළ සමඟ මොවුන් වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින චමින්ද කුමාර හෙවත් ‘රගරා‘ නැමැත්තාගේ සම්බන්ධවී ඔහුගේ හෙරොයින් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

