හෙරොයින් ජාවාරම්කරුවෙක් අගුලානේදී අත්අඩංගුවට


(එච්.එම් ධර්මපාල)

ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අද (06) අගුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට  සැකකරු රත්මලානේ කලුවා යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයෙකු වන බව පොලිසිය පැවසීය.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 180 ක් හා මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් රුපියල් 22,500 ක මුදල්ද සොයා ගත් බව පොලිසිය කීය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පැවසීය.