(ෂෙහාන් චාමික සිල්වා)
හෙරොයින් ග්‍රෑම් 18.24ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරිමට වැරදිකරුවූ අයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(3) මරණ දඬුවම් නියම කළේය.
මල්වාන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන මොහොමඩ් ෂිමාම් නිෂාබ් (53) නමැත්තාට එසේ මරණීය දණ්ඩනය නියම වූ අතර 2010 දී හෙරොයින් සමග රාජගිරිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

