(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට වසර 6 කට පෙර කොළඹ දී අත්අඩංගුවට ගත් දෙදරු පියෙකුට කෙළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (10) නියම කළේය.
හෙරොයින් ග්‍රෑම් 11.50 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට විත්තිකරු වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ පදිංචිකරුවකු වු 57 හැවරිදි අර්වින් ගොසට් නමැති දෙදරු පියෙකුටය.
2015 ජුනි මස 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී හෙරොයින් ග්‍රෑම් 11.50 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ජාවාරමේ යෙදී සිටි මෙම විත්තිකරු ජාවාරම් කිරීමට සුදානම් කර තිබු හෙරොයින් ද සමඟ අත්අඩංගුවට ගත් බව නඩු විභාගයේදී අනාවරණය විය.
ඉදිරිපත් වු සාක්කි අනුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව විනිසුරුවරයා තීරණය කළේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය අමතමින් ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ සළකා බැලු විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් විසින් නියම කළේය.

