(ටෝනි කරුණානායක)
නිතිවිරෝධි ලෙස මෙරරට හෙරොයින් රැගෙන ආ පකිස්ථාන් යුවළ නොවැම්බර් 7 වැනි දා දක්වා රඳවා තබාගෙන පරික්ෂණ සිදු කිරිමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා නියෝග කළේය.
සැකකාර පකිස්ථාන යුවළ ලාහෝර් නුවර සිට ඊයේ (1) කටුනායකට පැමිණි විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනහමාරකි.

