හෙරොයින් ග්‍රෑම් 22 ක් ළඟ තබා ගැනීම හා විකිණීම යන චෝදනාවලට වැරදිකරුවන් වූ අඹු සැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (29) මරණ දඬුවම නියම කළේය.
ඉනෝකා ශ්‍යාමලී (39) නමැති සිව්දරු මවද ඇගේ සැමියා වන ජේකොබ් රිචඩ් වික්ටර් (42) එම දෙදෙනාය. ඔවුහු බොරැල්ල මැගසින් පාරේ පදිංචිකරුවෝය.

