හෙරොයින් කිලෝ 198 ක් සමඟ අයෙක් අත්අඩංගුවට


(ජුඩ් සමන්ත,ඔගස්ටීන් ප්‍රනාන්දු)

හෙරෝයින් කිලෝ ග්‍රෑම් 198 ක් සමඟ සැකකරුවෙකුව පුත්තලම නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ බුද්ධි අංශයේ නිලධාරීන් අද (11) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇත. මුහුදු මාර්ගය ඔස්සේ මුතුපන්තිය දූපතට ගෙනවිත් එතැන් සිට සුඛෝපභෝගී ඩිපෙන්ඩර් වර්ගයේ රථයකින් කොළඹ දක්වා මෙම හෙරෝයින් මත් කුඩු තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

සැකකරු සහ හෙරෝයින් මත්කුඩු තොගයද, ඩිෆෙන්ඩර් රථයක හලාවත පොලීසියට බාර දී ඇත.

මෙහි වටිනාකම රුපියල් කෝටි එකසිය අනුඅටකි.

පුත්තලම නියෝජ්‍යය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර ඇත.