ජයන්ත සමරකෝන්
කළුතර බන්ධනාගාරයේ දී හෙරොයින් පැකට් 34 ක් මුඛයේ සඟවාගෙන සිටියදී, අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකු වෙනත් නඩුවකින් නිදහස් කර යවා ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඉකුත් 2 වැනි දා සිදුකළ පරික්ෂාවක දී මෙම හෙරොයින් පැකට් තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතත් එදින පොලිසියට බාරදී නැතැයි පැවසේ.
ඒ අතරතුර සැකකරු වෙනත් නඩුවකින් නිදහස් කර ඇතැයි ද සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධීකාරිවරයා විසින් පරික්ෂණයක් ද ආරම්භ කර ඇත.

