(සෙනරත් බණ්ඩාර)
පේරාදෙණිය රෝහලේ හෙද නිලධාරියෙකු විසින් හෙදියකගේ අතින් අල්ලා ඇය අපහසුතාවයකට පත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය සැකකාර හෙද නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
වසර දෙකක පමණ සිට එම හෙද නිලධාරියා හෙද නිලධාරිනියට නොයෙක් බලපෑම් සිදුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂක වෙත පැමිණිලි කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා වෙනත් සේවා ස්ථානවලට මාරු කර ඇති බවත් එහෙත් පසුගිය දිනෙක රාජකාරි අවස්ථාවේ ඔහු පැමිණ මෙසේ අතින් ඇල්ලු බව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම හෙද නිලධාරියාට විරුද්ධව මීට පෙරද මෙවැනි පැමිණිලි ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.