හෙදි වර්ජනේ සඳුදා ඉවරයි


රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ වර්ජනය සඳුදා උදේ අවසන් කරන බව එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියති.

සුතිකා පුහුණුව පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දීමටට එරෙහිව ඔවුහු මේ වර්ජනය ගිය සතියේ ඇරැඹුහ.

වර්ජනය නිසා රෝගීහු දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.

හෙදි ප්‍රශ්නය ගැන  සෞඛ්‍ය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ සමග සාකච්ඡා කිරීමට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර පත් කැර අතැයි ද ආනන්ද හිමියෝ කියති.