හෙද හෙදියෝ වෙලාවට වැඩ බෑ කියති


(රංජන් කස්තුරි)

රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී වේලාව සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියෝ හෙට(11) සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

කොළඹ ජාතික රෝහල, ඇස් රෝහල සහ කොළඹ දන්තායතනය යන ආයතනවලද හෙද හෙදියන් මෙම වර්ජනයට එක්වීමට නියමිතය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමයට අයත් හෙද හෙදියෝ එම සංකේත වර්ජනයට සහභාගී වන බවද සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.එස්.බී.මැදිවත්ත පැවසීය.