(ඩයනා උදයංගනී)
බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයන් ඉතා රළු විය හැකි බැවින් හෙට (5) සිට මෙම මස 9 වැනිදා දක්වා කාලයේදී ධීවර හා නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දිනයන්හි එම මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝ මීටර 70, 80 පමණ දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප‍්‍රදේශ විටින් විට ඉතා රළු හා දළ රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසීය.
මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා ඇති නිරිත දිග මෝසමේ සහ පිලිපීනය ආශ‍්‍රිත සාගර කලාපයේ පවතින සුළි කුණාටු තත්ත්වයේ බලපෑමෙන් මෙම තද සුළං ඇතිවන බව ද කාරයයේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා කීවේය.
මීට අමතරව උතුරු පළාතේ ද පැයට කිලෝමීටර 50ක පමණ වේගවත් සුළං විටින් විට ඇතිවන බව ඔහු සදහන් කළේය.
බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

