හෙට සිට දින 4 ක් උසාවි වහන්න යෝජනාවක්


(තිළිණි ද සිල්වා)

නව කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගෙන දිවයිනේ සියලුම උසාවි හෙට (17) සිට  මෙම මස 20 (සිකුරාදා) තෙක් වසා දැමිමට යෝජනා කරන බව  ශ්‍රී ලංකා නිතිඥ සංගමය නිවේදනයක් නිකත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සදහන්වේ.

මෙරට කොරොනා වයිරසය පැතිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිතිඥ සංගමය සිය නිරීක්ෂණයන් සිදුකරමින් සිටියි.

කොරොනා යැයි සිතන පුද්ගලයන් හමුවීම පිළිබද සිද්ධීන් කිහිපයක් පිළිබදව පැමිණිලි කිහිපයක් අප සංගමය වෙත ලැබී තිබේ.

මෙරට උසාවියන්හි දිනපතාම පොදු මහ ජනතාව සැලකිය යුතු පිරිසක් ගැවසෙති. බෝහෝ උසාවිවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ තත්ත්වය ප්‍රශ්න ගතවේ. එබැවින් මෙවැනි ස්ථානයන් මෙම වයිරසය පැතිරීමටට තෝතැනි සපයයි.

ඊට අමතරව බන්ධනාගාරවල සිට රිමාන්ඩ් සිරකරුවන් උසාවි වලට රැගෙන ඒම තුළින් මෙම වයිරස පැතිරීමේ අවදානම වැඩි කරයි.

අප සංගමය ලබා ගත් විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව වයිරස මර්දනය කිරීම  සඳහා සුදුසුම අවස්ථාව මෙය වේ.

මෙම වයිරස පැතිරීම පිළිබඳ බරපතල තත්ත්වය සැළකිල්ලට ගැනිමේ එය වැළැක්වීමේ කඩිනම් පියවර ගත යුතුව ඇත.

ඒ අනුව සියලුම උසාවි  හෙට (17 ) සිට සිකුරාදා (20)  දක්වා වසා දැමීම සිදු කළ යුතු බව අපගේ අදහසයි.

මේ පිළිබඳව අවසාන තීරණය අගවිනිසුරුතුමා සහ අධිකරණ සේවා කොමිසම සමඟ සාකච්ඡා කර මේ  පිළිබඳව අවසාන තීරණයකට එළැඹෙන බවද නිතිඥ සංගමය වැඩිදුරටත් කියා සිටී.