හෙට රැස්වන පාර්ලිමේන්තුවට නවකයෝ 81 ක්


(ඩයනා උදයංගනී)

මෙරට නව වන පාර්ලිමේන්තුව හෙට (20) රැස්වන අතර එයට නවක මන්ත්‍රීවරුන් 81 දෙනකු තේරී පත්ව ති‍‍බේ.

අභිනව පාර්ලිමේන්තුව සඳහා මහ මැතිවරණයේදී මහජන ඡන්දයෙන් නවක මන්ත්‍රිවරු 65 ක් තේරීපත්ව සිටින අතර ජාතික ලැයිස්තුවෙන් නවක මන්ත්‍රිවරු 16 ක්  දැනට යෝජනා වී ඇත.

ඉන් 65 දෙනකුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන අතර සමඟි ජන බලවේගයෙන් නවක මන්ත්‍රීවරුන් 5 දෙනෙක් හා ජාතික ජන බලවේගයෙන් නවක මන්ත්‍රීවරියක් මේ අතර වෙති.

එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයටද ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන බැගින් හිමිව ඇතත් ඒ වෙනුවෙන් මෙතෙක් කිසිවකුත් නම් කර නැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රදීප් උඳුගොඩ, මධුර විතානගේ, ප්‍රේමනාත් සී. දොලවත්ත, ජගත් කුමාර, කළුතර දිස්ත්‍රික්කයෙන් සංජීව එදිරිමාන්න, අනුප පැස්කුවල්, ලලිත් එල්ලාවල,ගම්පහ දිසත්‍රික්කයෙන් ආචාර්ය නාලක ගොඩහේවා, සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණි ගුණවර්ධන, නලින් රුවන්ජීව ප්‍රනාන්දු, මිලාන් සජිත් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, 

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදයන චමින්ද කිරිඳිගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්  ජීවන් තොන්ඩමන්, මරුධපාන්ඩි රාමේෂ්වරන්, නිමල් පියතිස්ස,මාතලේ දිස්ත්‍රික්‍කයෙන් නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්,

ගාල්ල දිස්ත්‍රික්කයෙන් සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ, ශාන් විජයලාල් ද සිල්වා,මාතර දිස්ත්‍රික්කයෙන් නිපුන ආර්.රණවක, කරුණාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ,හම්බන්‍තොට දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය උපුල් ගලප්පත්ති,  අජිත් රාජපක්ෂ යන මහත්වරු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මහාචාර්ය චන්න ජයසුමන, උද්දික ‍ප්‍රේමරත්න, එච්. නන්දසේන, කේ.පී.එස් කුමාරසිරි, 

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අමරකීර්ති අතුකෝරළ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කපිල අතුකෝරළ, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ඩී.සී වීරසිංහ, තිලක් රාජපක්ෂ, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මේජර් සුදර්ශන් දෙනිපිටිය, චාමර සම්පත් දසනායක, ජනක තිස්සකුට්ටිආරච්චි, මොණරාගලින් ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, වෛද්‍ය ගයාෂාන් නවනන්ද, 

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගාමිණි වලේබොඩ, අකිල එල්ලාවල,මුදිතා ප්‍රශාන්ති ද සොයිසා, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රාජිකා වික්‍රමසිංහ, එල්.එම් සුදත් මංජුල,  උදයකාන්ත ගුණතිලක, පුත්තලම දිස්ත්‍රික්කයෙන් චින්තක අමල් මායාදුන්න, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආචාර්ය ගුණපාල රත්නසේකර, අසංක නවරත්න , සමන්ප්‍රිය හේරත්, යූ.කේ සුමිත් උඩුකුඹුර යන මහත්වරුද මෙවර පාර්ලිමේන්තුවට පත් වූ නවකයෝ වෙති.

පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් ද නවක මන්ත්‍රීන් 12ක් ‍පත්කර ඇති අතර නීතිඥ සාගර කාරියවසම්,  අජිත් නිවාඩ් කබ්රාල් ( හිටපු මහ බැංකු අධිපති), ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක (හිටපු අමාත්‍ය දිවංගත සාලින්ද දිසානායක මහතාගේ භාර්යාව), ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග (යුතුකම සංවාද කවය), යදාමිණි ගුණවර්ධන (ඉංජිනේරු), ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් (හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර), විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ (හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර), මොහොමඩ් ෆලීල් මර්ජාන් (ව්‍යාපාරික) යනු ඔවුන් වේ.

ජාතික සමඟි ජන බලවේගය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පත්වූ මයිල්වාගනම් උදයකුමාර්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පත්වූ රෝහණ බණ්ඩාර, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පත්වූ කිංග්ස් නෙල්සන්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් පත්වූ ධර්මසේන විජේසිංහ සහ ජාතික ලැයිස්තුව නියෝජනය කරන ඩයනා ගමගේ ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පළමු වරටය.

මීට අමතරව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන්     මඩකලපුව දිස්ත්‍රික්කයට පත් වූ සානක්‍ය රාහුල්, ජාතික ලැයිස්තුවෙන් පත් වූ තවරාජා කලෛයි අරසන්, තමිල් මක්කල් විඩුදලෙයි පුලිකල් පක්ෂයෙන්  මඩකලපුව දිස්ත්‍රික්කයට පත් වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් පත්වූ අහමඩ් නසීර්, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයයෙන් පත්වූ මොහොමඩ් මුෂාරෆ්, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයෙන් වන්නි දිස්ත්‍රික්කයට පත්වූ  කුලසිංහම් දිලීපන්, දෙමල ජනතා ජාතික සන්ධානයෙන් යාපනය දිස්ත්‍රික්කයට පත්වූ   සී.වී විග්නේෂ්වරන්, මුස්ලිම් ජාතික සන්ධානයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට පත්වූ අබ්දුල් අලි සබ්රි මොහොමඩ් මෙන්ම අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්දිරන් හා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පළමු වරටය.