මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
නිල ගිනිඅවියෙන් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකළ බවට බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් ඛෙත්මගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (23) නියම කළේය.
මෙම සිද්ධියේදී වෙඩි තබා තුවාල සිදුකළ බව කියන දිනේෂ් කුමාර නමැත්තා නඩුවේ සාක්කි දීම සඳහා අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේය.
2009 පළාත් පාලන ඡන්ද සමයේදී තලංගම ගල්වරුසාව හන්දිය ප්‍රදේශයේදී පිරිසක් සමඟ එක්ව දිනේෂ් කුමාර නමැත්තාට තුවාල සිදුකිරීම පොදු අරමුණ කරගත් නීතීවරෝධී රැස්වීමක සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරමින් දිනේෂ් කුමාර නමැත්තාට වෙඩි තබා තුවාල සිදුකළ බවට බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් බෙත්මගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

