හෘද සාක්කියේ සම්මන්ත්‍රණ මාලාවේ දෙවැන්න නුවරදී



 
 
 
නාලක සංජීව දහනායක
 
අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් සංවිධානය කරන හෘද සාක්‍ෂියේ නිදහස සම්මන්ත‍්‍රණ මාලාවේ දෙවැනි සම්මන්ත‍්‍රණය ලබන මසදී නුවර දී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී ඒකනායක මහතා පැවසීය.
 
එම සම්මන්ත‍්‍රණය පවත්වන දිනය හා ස්ථානය පිළිබඳව ඉදිරි සතියේදී තීරණය කරන බවද මන්ත‍්‍රීවරයා කීය.
 
එමෙන්ම තම මන්ත‍්‍රී කණ්ඩායමට සුදුසු නායකයකු, මාධ්‍ය ප‍්‍රකාශකයකු හා සංවිධායකවකු පත්කර ගැනීම පිළිබඳවද මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.