හිස්බුල්ලාගෙන් අදත් පැය 5 ක් ප්‍රකාශ ගනී


(ඉන්දිකා රාමනායක)

නැගෙනහිර විශ්වවිද්‍යාල ඉදිකිරීම සදහා සවුදි ආරාබියෙන් රුපියල් කෝටි 300 ට වැඩි  මුදලක් ලැබුණු  ආකාරය සම්බන්ධයෙන්  කරන විමර්ශයකට අදාළව  නැගෙනහිර හිටපු ආණ්ඩුකාර  එම්.  එල්.  ඒ. එම්. හිස්බුල්ලා මහතා ගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (4)  පැය 5 ට අධික කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට හිස්බුල්ලා මහතාට එරෙහිව පොලිස් මුලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් විමර්ශන සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයට යොමු කර ඇති අතර  පැමිණිල්ලට සම්බන්ධයෙන් මෙම ප‍්‍රශ්න කළ බවද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.