( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී විනිසුරුවරුන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකින් හිටපු නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා ඔහුට එරෙහිව සුදුසු දඩුවමක් නියම කරන්නැයි ඉල්ලා නීතීඥ ඉන්දසිරි සේනාරත්න මහතා අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
නීතීඥ උපුල් දසනායක මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සමේ සදහන් වන්නේ වගඋත්තරකාර හිටපු ආණ්ඩුකාරවරයා ඉකුත් 13 වැනිදා විද්‍යුත් නාලිකාවකින්. විනිසුරුවරුන් මාරු කිරීම සම්බන්ධයෙන් කල අදහස් දැක්වීමකින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවය.

