වතුර ලීටරයක් දැමිය හැකි විදුරු බෝතලයක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ළඟදීම හඳුන්වා දෙන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
“රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල බොහෝ සේවකයන් හිස් මත්පැන් බෝතල්වල බීමට වතුර රැගෙන එන බව සිදුකළ අධ්‍යයනකදී හෙළි වී ඇත. මෙය මත්පැන් පානය සඳහා අනවශ්‍ය ප්‍රචාරණයක් මෙන්ම සමාජයට දෙන අහිතකර පුර්වාදර්ශයකි. එබැවින් මත්පැන් විරෝධි සංකේතයක් ද සමඟ මේ බෝතලය හඳුන්වා දීමට තිරණය කර ඇත.”
“මේ බෝතල රාජ්‍ය ආයතනවලට නොමිලේ බෙදාහරින අතර පෞද්ගලික අංශයෙන් බෝතලයක් සඳහා වැයවන වියදම පමණක් අය කෙරෙයි. එය ඉතා සුළු මුදලකි. ”
“ශ්‍රි ලංකා සමාගමක් චීනයෙන් බෝතල් ආනයනය කරයි. බෝතල් දස දහසක් ළඟදිම ආනයනය කෙරෙන අතර ඉන්පසු බෝතල් ලක්ෂයක් ආනයනය කැරේ.”

