හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්


(අංජුල මහික වීරරත්න)

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය අද(15) පූර්ව භාග 6.55 ට මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධාන සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම උත්සවය සංවිධාන කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද මීට සහභාගී විය.