මොරටුව ඇතුළු ප්‍රදේශ රැසකින් සොරාගත් බව කියන පාපැදි 12ක් සමග සැකකරුවකු මොරටුවැල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
සැකකරු බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණ මාස එක හමාරක් වන බවත් නිදහස්ව පැමිණි කාලයේ මෙම පාපැදි සොරාගෙන ඇති අතර ඔහු හෙරොයින් භාවිතයට ඇබ්බැහිවී සිටින බවද පොලිසිය පවසයි.
සැකකරු මේ වන විටත් මොරටු අධිකරණයේ විභාග වෙන නඩු ඇති පුද්ගලයෙක් බවත් කියති.

