එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය අද (7) කොළඹ මහාධිකරණය විසින් නිදහස් කරන ලදී.
දෙමටගොඩ පුද්ගල පැහර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයට එරෙහිව තිබු චෝදනාව වේ.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු වෙස්ට්මිනිස්ටර් පදනම සංවිධානය කරන වැඩමුළුවකට සහභාගී වීමට අවශ්‍ය කරන ලේඛන සුදානම් කර ගැනීම සඳහා තම විදේශ ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙස ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඒ අනුව මහාධිකරණ විනිසුරු ෂහායි මහේන්ද්‍රන් විසින් ඔක්තෝබර් 8 වැනි දා දක්වා විදේශ ගමන් බලපත්‍රය නිදහස් කරන ලදී.
ඩේලිමීරර් (28535)

