ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා අද (28) පස්වරු 3ට මුදල් අමාත්‍යංශයට පැමිණෙන්නැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා කළ ආරාධනයක් අනුව එහි ගිය මාධ්‍යවේදීන්ට පැය ගණනක් බලා සිට ආපසු පැමිණීමට සිදුවිය.
පස්වරු 3 ට එහි ගිය මාධ්‍යවේදීහු කැමරා උපකරණ හා මයික්‍රෆෝන එක් ශාලාවක සවිකර ඇමැතිවරයා පැමිණෙන තුරු බලා සිටි අතර සවස 3.30ට පමණ එහි නිලධරයකු පැමිණ එම ස්ථානයේ ඉඩ පහසුකම් මද බැවින් ශ්‍රවණාගාරයට පැමිණෙන්නැයි දන්වා ඇත.
එහි ගොස් නැවත තම උපකරණ ආදිය සවිකරගෙන පැයකටත් වඩා වැඩි කාලයක් බලාසිටියද ඇමැතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා පැමිණියේ නැත. ඒ මොහොතේ යළි එහි පැමිණි නිලධරයකු කියා සිටියේ කරුණානායක මහතාගේ නිල කාමරයට පැමිණෙන ලෙසයි. නමුත් යළිත් කැමරා උපකරණ ආදිය රැගෙන එහි යාමට අකමැත්ත පළ කළ මාධ්‍යවේදීහු ඇමැතිවරයා එනතෙක් සවස 5 වනතුරු එහිම රැඳී සිටියහ.
නමුත් ඇමැතිවරයා නොපැමිණි හෙයින් ඔවුහු ඉවත්ව යාමට සූදානම් වද්දී ඇමැතිවරයාගේ ලේකම්වරියක පැමිණ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ ඇමැතිවරයා කතරගම සිට පැමිණියේ දැන් බවත් විනාඩි 10ක් තුළ ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණෙන බවත් එතෙක් හැකිනම් රැඳී සිටින ලෙසත්ය. නමුත් පැය ගණනක් බලා සිටි මාධ්‍යවේදීහු එම ඉල්ලීම පසෙකලා ආපසු පැමිණියහ.





