හිරු මුදුන්වීම ඇ‍රඹේ


(ඩයනා උදයංගනී)

සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම අද (28) සිට ආරම්භ විය.

ඒ අනුව හෙට (29) දහවල් 12.00 ට කරියමුල්ලිවයික්කාල් සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවලට ඉහළින් ඍජුවම හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිරු මුදුන්වීම සැප්තැම්බර් මස 7 දක්වා සිදුවන අතර එම කාලසීමාව තුළ වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය.