සරුසාර අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් සමස්ත හින්දු බැතිමතුන් සූර්ය දෙවියන්ට පුද පුජා පැවත් පවත්වන තයිපොංගල් දිනය අදයි. ඒ වෙනුවෙන් විශේෂ සැමැරුම් පූජාවක් කොළඹ මරදාන කප්පිතාවත්ත ශ්රී කයිලාස නාරද හින්දු කෝවිලේදී පැවැත්විණි.
ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී රුවන් විජයවර්ධන,පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක , පළාත් සභා මන්ත්රීනී ශාන්තිනී කොන්ගහගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර කෝවිලේ ප්රධාන පූජක රාධා ක්රිෂණ කුරුක්කල්තුමා පිරිසටත් රටටත් ආසිරි පැතීය.



