ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සිරමැදිරියේ විශේෂ පහසුකම් සහ පිටස්තර පුද්ගලයෙකුට ඔහු සමග කතාකිරීමට පසුගිය 11 වැනිදා ඉඩදුන්නේයැයි බන්ධනාගාර ජේලර්වරයෙකු,සැරයන්වරයෙකු සහ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර ආරංචි පවසයි.
ජේලර් ඉන්දික ගනේගොඩ,සැරයන් කේ.එම්.ඩබ්ලියු කීර්තිසිංහ,නියාමක කේ.එම්.අනුර ඔවුහුය.

