හිර ගෙදරින් ’’කුඩු’’ වාර්තාවක්


(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාර ගතව සිටින පුද්ගලයන් විසි තුන්දහසකට අධික පිරිසෙන් පහළොස් දාහකට අධික පිරිසක් එසේ බන්ධනාගාරගතව සිටින්නේ විවිධ මත්ද්‍රව්‍ය  චෝදනා හේතුවෙන් බවට තොරතුරු හෙළි වී ඇතැයි  අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය

මතට ඇබ්බැහි වූවන්ට  සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය  වීමට  පහසුකම් සැලසෙන මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපනය කරන බවද  නානායක්කාර මහතා කීවේය

මේ අතර පාතාලකරුවන්ගෙන් සියයට අසූවකටම මත්ද්‍රව්‍ය චෝදනා පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.