හිමිනමකට කඩුවක් පෙන්වා තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට


(කේ බුද්ධික කුමාරසිරි)
 
 කඩුවක් රැගෙන පාදුක්ක මොරගහතැන්න ශී‍්‍ර මහා විහාරස්ථානයට පැමිණි පුද්ගලයකු විහාරාධිපති බෙරන්නාවේ විමල හිමියන්ට  තර්ජනය කළැයි  සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි
 
පොසොන් පොහොය නිමිත්තෙන් එම විහාරස්ථානයෙහි අද (08)  දින දක්වා ප‍්‍රදර්ශනය කරන ලද පෙසොන් පහන් කූඩුවේ ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදා ගෙන තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර නිසාවෙන් තමන්ට අපහසුවක් වන බව පවසමින් සැකකරු විහාරාධිපති හිමියන්ට මෙලෙස තර්ජනය කර ඇති බවද පොලිසිය පවසයි
 
සවි කර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර අදාල බලපත‍්‍ර සහිතව සවිකර ඇති බැවින් ගැටළුවක් වේ නම් පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස එම අවස්තාවේදී විහාරාධිපති හිමියන් සැකකරුට පවසා ඇති බවත් එහෙත් සැකකරු අතැති කඩුවෙන් විහාරාධිපති හිමියන්ට පහර දීමට උත්සහ කරන ආකාරය විහාරස්තානයෙහි සවි කර තිබූආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති බවත් පොලිසිය පවසයි.
 
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක සේනානායක පෙදෙස හි පදිංචිව 21 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.