හිමිනම ඝාතනයේ තොරතුරු එළියට


(ගයාන් සූරිය ආරච්චි)

මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී ඊයේ 23 හිමිනමක ඝාතනය කළ සැකකරුවන් එම හිමිනමගෙන් යමක් ඉල්ලා ඇති බවත් එහිදී ඇති වූ බහින්බස්වීමකදී ගිනි අවියකින් අහසට වෙඩි තබා පසුව හිමිනමට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ නිහල් තල්දුව මහතා පැවසීය.

ඝාතනයට පැමිණි සැකකරුවන් ටී 56 වර්ගයේ ගිනි අවියකින් උන්වහන්සේට වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුවී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

හිමිනම ඝාතනය කිරීම සඳහා සැකකරුවන් ව්‍යාජ අංක තහඩු සහිත වාහනයකින් පැමිණ ඇති අතර තවමත් ඝාතකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ නිහාල් තල්දුව මහතා පැවසීය.