කුල දරුවකු මහණ කිරීමෙන් දින කිහිපයකට පසු සාමනේර හිමියන්ගේ පියා අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයට ආවේය.
තම කටුමැටි නිවහනේ තෙමෙන වහලයට සෙවිලි කැර ගැනීම සඳහා පන්සලෙන් ඉවත ලා ඇති සෙවිලි තහඩු දෙක තුනක් දිය හැකිදැයි ඉල්ලා සිටියේය.
පන්සලේ වහළයකින් ඉවත් කැර තිබු සෙවිලි තහඩු කිහිපයක් සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති උතුරු මැද ප්‍රධාන සංඝනායක අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියෝ ඔහුට දුන්හ.ඔහුගේ බැගෑපත්බව දුටු නාහිමියෝ පසු ගිය දින සාමනේර කරුණු විමසා ඒ හිමියන්ද කැටුව අනුරාධපුරයට නුදුරු දේවානම්පියතිස්සපුර නිවසට වැඩම කළහ.
අතරින් පතර පොල්අතු රැඳි අහස පෙනෙන වහළත් වැස්සට සේදී ගිය වරිච්චි බිත්ති සැකිලි හා වළ ගොඩැලි සහිත ගෙබිමත් ඒ හිමියෝ දුටහ.
හදිසියේම ගෙපැලට වැඩිය නා හිමියන්ට පොඩි හාමුදුරුවන්ගේ මෑණියන් වන ප්‍රියන්තා සුදර්ශණී තම අසරණභාවය නොසඟවා කීවාය.
රෝගාබාධ තත්ත්වයකින් පසු වන පසු වන තම සැමියා වන ප්‍රියන්ත දසනායකට සැත්කමක් කැර ඇති බවත් මේ හේතුව නිසා ඔහුට වැඩක් පලක් කැරගත නොහැකි බැවින් දරු හතර දෙනකුගෙන් යුත් පවුල රැක ගැනීමට විඳින්නා වු වෙහෛසත් ,වැසි කාලවලට ගෙපැලට පිවිසිය නොහැකි බැවින් අසල් වැසි නිවැසියන් තමන්ට පිහිටවන ආකාරයත් ඇය හැඩු කඳුලින් පවසා සිටියාය.
රුපියල් ලක්ෂ දොළහකට වැඩි මුදලක් වැය කැර එම දරුපවුල වෙනුවෙන් ඉදිකරන ලද නිවසට ගෙවදීමේ චාම් උත්සවයක් ද පසුගියදා පැවැත්විණී.
බෝගමුවේ සද්ධාරංසි නාහිමියෝ එම නිවස එම දරුපවුලට බාර දුන්හ.
වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ් බී ඒකනායක මහතා මේ උත්සවයේ ආරාධිත අමුත්තා විය.
ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා විශාල මෙහෙවරක නිරතව සිටින සද්ධාරංසි නාහිමියන්ගේ මේ සමාජ සත්කාරය මුළු රටටම ආදර්ශයක් බවද,එමෙන්ම දේවානම්පියතිස්සපුර පියරතන නමින් සසුන්ගත වු කුල දරුවාද මා පිය දෙපළද පෙර පිං ඇත්තන් බව ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පොතානේ ධම්මානන්ද නා හිමියෝ එහිදී අනුශාසනාවක් කරමින් පැවසුහ.
ඔවුන් පෙර ජීවත් වු නිවස
විහාරාධිපති හිමියන් ඉදි කර දුන් නව නිවස

