හිමි නමක් මග මරුට බිලි


ත්‍රීවිල් රථයක් හා බස් රථයක් බ්‍රහස්පතින්දා (17) මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිවිල් රථයේ ගමන් ගත් හිමිනමක් අපවත් වී ත්‍රීවිල් රථයේ ගමන්ගත් රියදුරු හා තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.

රබ්බේගමුව බොල්ලෑගල පුරාණ විහාරයේ විසූ ඒ හිමියෝ  අවමගුල් උත්සවයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් දන්තුරේ සිට පිළිමතලාව දක්වා  එන අතරතුරදී දන්තුරේ දෙසට ධාවනය කල ලංගම බස් රථයේ හැපීමෙන් සිදුවූ අනතුරින් පසු රෝහල්ගත කිරීමෙන් පසු අපවත්වූහ.

සියඹලාගොඩ අයගම දි අනතුර සිදුවූ බවත් ත්‍රී රෝද රියදුරු මහනුවර මහ රෝහලටත් එහි ගමන් ගත් අනෙක් දෙදෙනා පේරාදෙණිය රෝහලටත් ඇතුළු කළ බව කඩුගන්නාව පොලිසිය කියයි.

බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.

web_2015918 web_20159182s51 web_201591817