හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
හිම කන්දකට යට වූ තම මෝටර් රථයට වී මාස දෙකක් පුරා සිටි ස්වීඩන වැසියකු (40) බේරා ගැනීමට ස්වීඩන් පොලීසිය සමත් විය. එබ් නයිබර්ග් නගර සීමාවේ ඇති වනයක් මැද දී හිමෙන් යටවූ මෝටර් රථයක් දැක හිම ක්‍රීඩා කිරීමට ඒ ආසන්නයට ගිය පිරිසක අතර සිටි තරුණයකු මෝටර් රථයේ එක් පසෙකින් හිම ඉවත් කර ඇතුළට එබී බලන විට සෙළවෙන යමක් දැක පොලීසිය කැඳවා එහි සිටි මිනිසා එළියට ගෙන ඇත. තමා හිමට යට වූ මෝටර් රථයෙන් එළියට ඒමට නොහැකිව මාස දෙකක් පුරා එහි සිටි එම මිනිසා ඒ කාලයේදී හිම ආහාරයට ගෙන තිබේ. කුසගින්න නිසා ඇවිදගැනීමට පවා නොහැකිව ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඔහු මේ වන විට ස්වීඩ්න් රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. රෝහල් බලධාරීන් පවසනුයේ සීතලට ඔරොත්තු දෙන හිම පොරවනය නිසා ඔහුට ජීවත් වීමට වාසනාව තිබූ බවයි. සෘණ අංශක 30 දක්වා උෂ්ණත්වය පහත වැටී තිබුණි.

