හිපෝ පැටවාට මිනිස් මවක් By None // 2012 අප්‍රේ 08 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දකුණු අප්‍රිකාවේ සත්ත්වෝද්‍යානයක හිපපොටේමස් මවක සිය පැටවා අතහැර දැමීමෙන් පසුව මිනිස් මවක් කිරි මව වී සිටින්නීය. බලු පැටවකු තරම් වූ හැරී නමැති මේ පැටවා පෝෂණය කරන්නේ එම සත්ත්වෝද්‍යානයේ සේවිකා ටෝනි ලැග්ස් නමැති සේවිකාව විසිනි. දින හතක් වයසැති පුංචි හිපෝ පැටවා තම නිල නිවසට ගෙනගිය ටෝනි පැය තුනකට වතාවක් කිරි මිලි ලීටර් 125 ක් බැගින් ලබාදෙමින් එම පැටවා පෝෂණය කරන්නීය. කුඩා ළමුන් නාවන බේසමක් දැන් හැරීගේ වාසස්ථානය වී තිබේ. දින හතකදී කිලෝ ග්‍රෑම් පහක බර වර්ධනයක් ලබා ඇති හැරීට සාමාන්‍ය ආහාර ලබාදිය හැක්කේ මාස තුනකට පසුව බැවින් ටෝනි මාස තුනක කාලයක් හැරීගේ කිරිමව ලෙස වෙන්කරන්නට තිරණය කළ බව සත්ත්ව උද්‍යානයේ කළමණාකරු පවසයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත