හිතාමතා පොලිස් නිලධාරියා අනතුරකට ලක් කරලා


(ඉන්දිකා රාමනායක)

මෝටර් රථයක බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී පොලිස් නිලධාරියාට බලපත්‍රයේ නොදී පොලිස් නිලධාරිය මාර්ගයේ ඇදගෙන ගොස් වෙනත් වාහනවලට ගැටීමට සලස්වා පලා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංශයට අනුයුක්තව බම්බලපිටිය පොලිසියේ රාජකාරී කරමින් සිටී පොලිස් කොස්තාපල්වරයෙකි

මෝටර් රථය නවතා වීදුරුව පාත් කර බලපත්‍රයේ ලබාදීමට සැරසී ඇති අතර ලබා ගැනීමට කොස්තාපල්වරයා වීදුරුව මතින් අත දැමූ අවස්ථාවේ එකවරම බලපත්‍රය නොදී පොලිස් කොස්තාපල්වරයා සමගම වාහනය ඉදිරියට ධාවනය කර ඇති අතර , මාර්ගය ඇදී ගිය පොලිස් කොස්තාපල්වරයා වෙනත් වාහන කිහිපයකද ගැටී ඇති බව පොලිසිය කියයි.