හිතහොඳ දොස්තර පළාතම හඬවයි


කරන්දෙණියේ ඉපැදී, කරන්දෙණියේ ජනතාව සුපවත් කිරීමට ඇප කැපවූ දොස්තර ප‍්‍රසාද් ජයසිංහගේ (40) අවඟුල මහා පිරිසක් මැද්දේ අද සන්ධ්‍යාවේ සිදුවිය. සාහාසිකයකුගේ වෙඩි පහරින් සිකුරාදා ඔහු ඝාතනය විය. අද පැමිණි තරම් සෙනඟක් කරන්දෙණි ඉතිහාසයේ නොදුටු බව ගැමියෝ කියති. අම්බලන්ගොඩ සිට හැම පාරකම ද නගර හා ගම්නියම් ගම්වලද සුදු කොඩි, බැනර් හා ශෝකය ප‍්‍රකාශ ප‍්‍රදර්ශනය කැර තිබිණි. අවමඟුලට ආ අය වෙනුවෙන් තැන තැන සිසිල් බීම දන්සල් ද පැවැත්විණි.