හිටි හැටියේ වාහන දෙකක් ගිනිගෙන


(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල වැලිමඩ ප්‍රධාන  මාර්ගයේ හාලිඇල නිලිඅතුගොඩ ප්‍රදේශයේ  මාර්ගය අසල  නවතා තබා  තිබු ලොරියක් සහ වෑන් රථයක් අද (8) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් මුලුමනින්ම විනාශ වී ගොස් ඇතයි ඇටම්පිටිය පොලිසිය පවසයි .‍

මෙම ලොරිය සහ වෑන් රථය එකම පුද්ගලයකු ට අයත් බවත් , ඔහු ලොරියත්, වෑන් රථ‍‍යත් මෙසේ හාලිඇල නිලිඅතුගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල රාත්‍රි නවතා තබා නිවසට ගොස් සිටියදි වාහන දෙක මෙසේ ගින්නෙන් විනාශ වී ගොස් ඇති බවත් පොලිසිය සදහන් කලේය .

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ,  කිසිවෙකු විසින් මෙම වාහන දෙකට ගිනිතබන්නට ඇතයි පොලිසිය සැකකරයි .