(සුජිත් හේවාජුලිගේ )
කිසිදු දුම්රියක් අද(17) දින ධාවනය නොකෙරෙන අතර කාර්යාල මගීන්ගේ පහසුව සඳහා අමතර ලංගම බස් රථ යෙදවීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
දුම්රිය රියදුරු හා නියාමකවරුන්ගේ සංගම් දෙකක් අද දින පූර්ව දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට සුදානම් වන බවට කල්තියා තොරතුරු ලැබීම නිසා ජනතාව අපහසුතාවයට පත් වීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ජනතාව ඉතා දුෂ්කර තත්වයක සිටින මොහොතක පටු අරමුණු වෙනුවෙන් අසාධාරණ වැඩ වර්ජනවලට මේ අයුරින් සූදානම්වීම කණගාටුදායක යයිද අමුණුගම මහතා කීවේය.
ලංගම බස්රථ අද දින වැඩි වශයෙන් යොදවා ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

