මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේ රට හදන වගකීම බාර ගන්නැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි නාහිමි ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවසුහ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන් නුගේගොඩ මිරිහාන නිවසේ පැවැති පිංකමකට සහභාගි වෙමින් නාහිමියෝ එසේ පැවසුහ .
නාහිමියෝ මෙසේද පැවසුහ.
‘ඔබතුමා හිට්ලර් කෙනෙක් විදියටත් හඳුන්වන්න තිබුණා.මහා සංඝ රත්නය විදියට අපි අවසන් වශයෙන් ඉල්ලන්නේ මිල්ටරි පාලනයකින් හරි මේ රට හදන්න කියලා.‘