2012 දී වැඩ තහනමට ලක්වූ හමුදා මේජර්වරයකු දක්ෂිණ අධිවේගයේ ගැලනිගමදී ගංජා කිලෝ 35 ක් සමග සැකපිට අත් අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන පොලිස් ඒකකය පවසයි.
වැල්ලවායේ සිට මෙම ගංජා කොළඹට ගෙනවුත් කොළඹ සිට රැගෙන යද්දී පොලිසිය ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා හැඳුනුම්පතක්ද ඔහු ළඟ තිබූ බවත් ඔහු ගමන් කළ හයිබ්‍රිඩ් කාරය මසකට රුපියල් 90,000 ක් ගෙවීමේ පදනම මත ලීස් කර ඇති බවත් පොලිසියය කියයි.
ගංජා තොගයේ වීදි වටිනාකම රුපියල් ලක්ෂ 7 ක් පමණ බවද පොලිසිය පවසයි.





