(මනෝප්‍රිය ගුණසේකර)
පෞද්ගලික බස් රථයට මහනුවර-ත‍්‍රීකුණාමලය ධාවන අවසර පත‍්‍රය ලබා දීමට අවශ්‍ය නිර්දේශ ලිපිය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට නිකුත් කිරීමට පෞද්ගලික බස් රථයේ හිමිකරුගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා එම අල්ලස් මුදල ලබාගත් බවට චෝදනා ලැබ සිටි මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරීයේ හිටපු සහකාර කළමණාකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නීශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා නියම කළේය.
පැමිණිල්ලේ පළමු සාක්කිකරුගේ සාක්කිය විශ්වාසනීය සාක්කියක් නොවන බවත් ඔහුගේ සාක්කිය මත විත්තිකරු වරදකරු කිරීම අනුවන කි‍්‍රයාවක් බවත් සිය තීන්දුවේ සඳහන් කරන විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් විත්තිකරුට එරෙහිව නඟා ඇති සියලුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
මෙලෙස නිදහස් කරන ලද්දේ මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරීයේ සහකාර කළමණාකරු ලෙස කටයුතු කළ පී.ඒ.ජී. විජයබණ්ඩා නමැත්තාය.
මේ සම්බන්ධයෙන් පැවැති පැමිණිල්ලේ දීර්ඝ සාක්කි විභාගයකින් අනතුරුව මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කොට සිටි මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආර්.එම්.කේ.ජී. ඩිංගිරි බණ්ඩා රත්නායක නමැත්තාට එරෙහිව නඟා ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව සඳහන් කරමින් මීට පෙර අවස්ථාවකදී නිදොස් කොට නිදහස් කරන ලදී.

