හිටපු විභාග කොමසාරිස් ගුණපාල වික්‍රමරත්න සමුගනියි


හිටපු විභාග කොමසාරිස්වරයකු මෙන්ම  කොළඹ නාලාන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයකු ද වූ ගුණපාල වික්‍රමරත්න මහතා අද සවස අභාවප්‍රාප්ත විය. රෝගාතුරවී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 92 වැනි වියේ පසු විය.
 
1926 මැයි 19 වැනි දා උපන් ගුණපාල වික්‍රමරත්න මහතා මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකි.ඔහු අධ්‍යාපන විද්‍යාපීඨ කොමාසාරිස් ලෙස ද කටයුතු කර තිබේ.ගුණපාල වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතාගේ පියානන්ය.